සිතින් සිනා සිසී අතැඟිලි අල්ලලා (Karoke)
Sithin Sina Sisi Athagili Allala (Karoke)
  • Lenght : 03:50

  • ORIGINAL SONG INFO
  • Vocal : Rookantha Goonatillake
  • Vocal : Chandralekha Perera
  • Lyrics : Ajantha Ranasinghe
  • Music : Rookantha Goonatillake

  • SongOriginal Song

    සිතින් සිනා සිසී අතැඟිලි අල්ලලා (Karoke) ගී පද / Sithin Sina Sisi Athagili Allala (Karoke) Lyrics

    සිතින් සිනා සිසී අතැඟිලි අල්ලලා
    එන්න යන්න මල් මාවතේ
    සවන් පුරා සෙමින් රහසින් කියන්දෝ
    පුංචි ආදරේ කතන්දරේ
     
    ආදරේ නමින්
    දිලෙන පහනේ පහන් සිලේ
    දීප්ති බින්දුවයි ඔබ නයනේ
    ඒ පහන් වැටේ
    එළිය අප හා සිනාසුණා
    යොවුන් ලොවේ හැඟුම් සුන්දරයි
     
    සිතින් සිනා සිසී අතැඟිලි අල්ලලා
    එන්න යන්න මල් මාවතේ
    සවන් පුරා සෙමින් රහසින් කියන්දෝ
    පුංචි ආදරේ කතන්දරේ
     
    රාත්‍රියේ රිදී
    පොකුරු තරුවේ ඇඳී තියේ
    රත්තරන් රුවින් පෙම් රේඛා
    ජීවමාන වේ
    සුවඳ හිරිමල් යොවුන් වියේ
    පෙමේ සුසුම් පවා සුන්දරයි
     
    සිතින් සිනා සිසී අතැඟිලි අල්ලලා
    එන්න යන්න මල් මාවතේ
    සවන් පුරා සෙමින් රහසින් කියන්දෝ
    පුංචි ආදරේ කතන්දරේ
     
    පුංචි ආදරේ කතන්දරේ
    එන්න යන්න මල් මාවතේ
    එන්න යන්න මල් මාවතේ
    පුංචි ආදරේ කතන්දරේ

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS