සිතුවිලි සිරවී හදවත පතුලේ
Sithuwili Sirawee Hadawatha Pathule
  • Lenght : 03:17

  • Song

    සිතුවිලි සිරවී හදවත පතුලේ ගී පද / Sithuwili Sirawee Hadawatha Pathule Lyrics

    සිතුවිලි සිරවී හදවත පතුලේ
    ඉකිබිද වැලපෙනවා
    රුව සැංගී මගෙ මතකය අතරේ
    නෙත් අසරණ වෙනවා
     
    ඔබෙ සෙනෙහස දැක සැගවෙනු කෙලෙසද
    නෑ මට තවමත් වැටහෙන්නේ
    සුසුම් නිම්නයේ තනිවන්නට නම්
    මේ ලෙස ඇයි අප හමුවන්නේ
     
    සිතුවිලි සිරවී හදවත පතුලේ
    ඉකිබිද වැලපෙනවා
    රුව සැංගී මගෙ මතකය අතරේ
    නෙත් අසරණ වෙනවා
     
    මිලාන වූ මල් ඉකිබිද වැලපේ
    විකසිත කුසුමන් හිනැහෙද්දී
    ලොව දහසක් නෙත් හිනැහෙන මොහොතේ
    ඔබේ මගේ ලොව කදුළු දකී
     
    සිතුවිලි සිරවී හදවත පතුලේ
    ඉකිබිද වැලපෙනවා
    රුව සැංගී මගෙ මතකය අතරේ
    නෙත් අසරණ වෙනවා

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS