සුළඟ නුඹ වගෙයි
Sulanga Numba Wage
  • Lenght : 03:51

  • Song

    සුළඟ නුඹ වගෙයි ගී පද / Sulanga Numba Wage Lyrics

    සුළඟ නුඹ වගෙයි - සිත් මල වටා එතෙයි
    මල් සුවද හොර හොරෙන් අරන් - යන්නටම හදයි..
    වැස්ස නුඹ වගෙයි - සිත් මලට ඇද වැටෙයි
    මලේ පාට නොසේදීම - පුදුමයක් තමයි...
     
    සිත තනිකලෙත් නුඹයි..
    පසු පසම එලව එලවා විත් 
    සැනසුවෙත් නුඹයි..
    නුඹ මගේ හිත අරන් ගියා
    පුදුමයක් නොවෙයි..
     
    සුළඟ නුඹ වගෙයි...
     
    සිත හැදිනුවෙත් නුඹයි..
    මගෙ සිතේ සියුම් තැන් සොය සොයා
    රිදෙව්වෙත් නුඹයි..
    ඒත් නුඹෙන් සිත නොබිදේ
    පුදුමයක් තමයි..
     
    සුළඟ නුඹ වගෙයි...

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS