තරු පිපුණු ගන අහස මම නම්
Tharu Pipunu Gana Ahasa
  • Category : Music Video
  • Lenght : 05:03

  • Song

    තරු පිපුණු ගන අහස මම නම් ගී පද / Tharu Pipunu Gana Ahasa Lyrics

    තරු පිපුණු ගන අහස මම නම්,
    ඒ අහසේ පුරා හඳ වෙන්න සුදු රුවණි.
    වැසි නොවට මරුකතර මම නම්,
    ඒ පොළොවේ දිය බින්දුව වෙන්න සුදු රුවණි.
    හද පෙලන චන්ඩ රල මම නම්,
    ඒ නදියේ නිසල දිය වෙන්න සුදු රුවණි.
    ප්‍රේමයෙන් අහිමි හද මගේ නම්,
    ඒ හදට ආදරය දෙන්න සුදු රුවනි.
     
    නෙතු පෙලන කැල්මේ සිනහ සඳපානේ,
    ඔබ ඇවිත් මගේ ලඟින් ඉන්නවා වගේ දැනේ.
    ඒ බලන බැල්මේ හදක හසරැල්ලේ,
    අපි හදින් බැඳුනු බව ලෝකයා නොම දනී.
     
    තරු පිපුණු ගන අහස මම නම්,
     
    ජීවිතය අතරේ ආදරය නැවතී,
    පෙම් කවක් සදාතන හදවතට කොඳුරාවී.
    මේ ගී ගායනා ආල හද වෙලානා,
    මහබඹුන් හෙට දවසේ අප නමින් ලියාවී.

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS