තාරුකා පෙළින් එහා සේද නිල් ගුවන් තලේ (Cover) ගී පද / Tharuka Pelin Eha (Cover) Lyrics
තාරුකා පෙලින් එහා සේද නිල ගුවන් තලේ
ලෝකයයි සුරංගනා මනෝ නන්ද පෙම්වන්තයෝ
එහේ ගිහින් ඉදින්නේලු
ආදරේ සුරංගනා ලෝකයේ පහන් වැටේ
රත්තරන් පහන් තරු කරයි අන්න ආරාධනා
එහේ හිදින්න එන්නලු ආදරේ කුමාරි හා
කදු නිම්නේ අපි දෙන්නා තනි වීලා
සුදු මීදුම් අප දෑතේ පැටලිලා
මේ සැන්දෑ පවනැල්ලේ හරි සීතයි
ඔබ මා ඉන්නේ මිනිසුන්ගෙන් දුර ඈතයි
පෙම් සැදෑව මේ සුරගනා ලොවේ
යහන්තලා වේවිදෝ මන්දා
තාරුකා පෙලින් එහා සේද නිල ගුවන් තලේ
ලෝකයයි සුරංගනා මනෝ නන්ද පෙම්වන්තයෝ
එහේ ගිහින් ඉදින්නේලු
අත් පටලා තුරු අතරින් දිව යමුදෝ
සිරි පොද වැස්සේ අපි තෙමිලා ගුලි වෙමුදෝ
අපි දෙන්නයි සැන්දැවයි කදු රැනයි
හමුවූ යාමේ මේ යාමේ මට සීතයි
පෙම් සැදෑව මේ සුරගනා ලොවේ
යහන්තලා වේවිදෝ මන්දා
තාරුකා පෙලින් .....
