සිත හඬයි.. මා තනිවී (නව රිද්ම) ගී පද / Sitha Hadai Ma Thaniwee (Remix) Lyrics
සිත හඬයි මා තනිවී
මා දවාලයි මේ ශෝකේ
ආදරයෙන් මා ලැබුවේ
කඳුල පමණද මේ ලෝකේ..//
සිත හඬයි
ඔබගෙ සුරත ගෙන සයුරු තෙරේ හිඳ
දිනක සීත සැන්දෑවේ
හැඬුව අයුරු මට අඳුරු සිතුවමකි
තාම රැඳුනු මා දෑසේ සිහිනයක්ද මායාවේ
ඇයිද මා මුලාවේ තනිකලේ වියෝගේ
සැමදා ප්රියේ මා... ඔබට ආදරෙයි
ඉන්න බෑ ලංව ඉතින්
සතුට හිමි නෑ සිතට මගේ
ඇයිද මගේ රත්තරනේ
දිවිය අද මේ අඳුරු කලේ
ඔබගෙ සුවඳ මට තවම දැනෙනවා
පාලු සීත රෑ යාමේ
ඈත කොහෙද ඔබ දෑසෙ දසුන හැර
සිහිනයක්ව වෙන් වූයේ ආදරේට පිටු පෑවේ
සඳට අහස වාගේ මලට සුවඳ වාගේ
සෑමදා ප්රියේ මා... ඔබට ආදරෙයි
සිත හඬයි මා තනිවී
මා දවාලයි මේ ශෝකේ
ආදරයෙන් මා ලැබුවේ
කඳුල පමණද මේ ලෝකේ
