උපන්න ජන්ම ජන්මයේ
Upanna janma
  • Category : Music Video

  • Song

    උපන්න ජන්ම ජන්මයේ ගී පද / Upanna janma Lyrics

    උපන්න ජන්ම ජන්මයේ
    පෙරුම් පුරා ගෙනා...
    අප සෙනෙහේ ප්‍රාර්ථනා
    මෙසේ සුසුම් වුනා..........
    දිනේක සසර මංපෙතේ
    උනුන් බැඳී මෙසේ
    සංසිදේද වේදනා 
    අපේ උතුම් සෙනෙහේ......
    අපට නිබඳ ජිවීතේ
    වාසනා කියා...
    අකුරු තුනක මහිම නැහැ
    දෛවයේ ලියා.....
    අහිමි ප්‍රේම චේතනා
    ගීතිකා ගයා....
    සෑම පෙම්වතුන් මෙසේ 
    වෙන්වෙලා ගියා..
    උපන්න ජන්ම 
    සතුට කඳුල වේවි නම් මේලෙසින් ලොවේ
    හමුව වෙන්ව යාවී නම් ඉරණමින් ලොවේ.
    විරහා ගින්න දේවී නම් පෙම් බැඳුම් ලොවේ
    නූපදින්න පතනෙමු ආදරෙන් ලොවේ.

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS