උතුරු සළුවෙන් වසා ගී පද / Uthuru Saluwen Wasa Lyrics
උතුරු සළුවෙන් වසා ලය මා
යන්නෙමී උඩුගම් බලා
සමා අවසර නුඹේ පපුතුර
ජීවිතේ කදුළක් කලා ...
ගඟ ගලා යන මඟ බලා ඉමි
නුඹෙ නූවන් දකිනා තුරා
අපි කතා වෙමු හදාගන්නට
හිත බිඳුණු තැන් සොය සොයා ...
වසන්තෙක වෙස් වලා ගෙනවිත්
විලම නෙළුමින් හැඩ කලා
ප්‍රේමයේ හැඩරුව මකා නුඹ
සුදු නෙළුම් මල රතු කලා
ජීවිතේ ඇස වැසුණු දවසක
කළුවරේ හිත රවටලා
අනේ සොඳුරිය පුදසුනෙන් නුඹෙ
මලක් මා සොරකම් කලා ...
ඇස වසාගමි තවත් දවසක
සිහිනයක් නොදකින නියා
ආදරය මහ පුදුම රිදුමක්
මා නොදැන මා විදවනා ...
සඳට බෑ පායන්න මිහිමත
නුඹ මගේ අහසම වෙලා
අනේ සොඳුරිය පිරිමදිනූ මැන
හිස තියා නුඹෙ ළය පුරා ..
