වෙහෙරක් වගේ පින් දුන් කෙනෙක් ගී පද / Veherak Wage Pin Dun Kenek Lyrics
වෙහෙරක් වගේ පින් දුන් කෙනෙක්
දෙවොලක් වගේ දුක් ඇහු කෙනෙක්
කුඹුරක් වගේ බත් දුන් කෙනෙක්
වේ නම් ලොවේ
නුඹයි අපෙ අම්මේ...
සයුරක් වගේ කිරි දුන් කෙනෙක්
වෙරළක් වගේ පණ දුන් කෙනෙක්
ඔරුවක් වගේ අත දුන් කෙනෙක්
වේ නම් ලොවේ
නුඹයි අපෙ අම්මේ...
වෙහෙරක් වගේ පින් දුන් කෙනෙක්
දෙවොලක් වගේ දුක් ඇහු කෙනෙක්
කුඹුරක් වගේ බත් දුන් කෙනෙක්
වේ නම් ලොවේ
නුඹයි අපෙ අම්මේ...
කඳුලක් වෙලා දුක් වූ කෙනෙක්
පියුමක් වෙලා තුටු වූ කෙනෙක්
ගඟුලක් වෙලා පැන් දුන් කෙනෙක්
වේ නම් ලොවේ
නුඹයි අපෙ අම්මේ...
වෙහෙරක් වගේ පින් දුන් කෙනෙක්
දෙවොලක් වගේ දුක් ඇහු කෙනෙක්
කුඹුරක් වගේ බත් දුන් කෙනෙක්
වේ නම් ලොවේ
නුඹයි අපෙ අම්මේ...
