විදුලිය එළිය
Viduliya Eliya
  • Category : Music Video

  • Song

    විදුලිය එළිය ගී පද / Viduliya Eliya Lyrics

    විදුලිය එළිය දැක ගිනි හුළ දියේ හෙළා
    මඟ වැරදිලා දිවූවේ මං මුළා වෙලා
    පැනයන මුවන් ළඟ හැලුණයි නෙළූ පලා
    දොර ඇරපන් අම්මේ මට සමාවෙලා
     
    කස්තුරි කපුරු කෑ තරමට එපා උනී
    තිත්තයි අනේ තිත්තයි මී වදේ පැනී
    ඇස් රතු කළ කොළොප්පමකට හිනා උනී
    මහමෙර වගේ නුඹ නොදොඩා බලා උනී
     
    විදුලිය එළිය දැක ගිනි හුළ දියේ හෙළා
    මඟ වැරදිලා දිවූවේ මං මුළා වෙලා
    පැනයන මුවන් ළඟ හැලුණයි නෙළූ පලා
    දොර ඇරපන් අම්මේ මට සමාවෙලා
     
    මෝල් ගසත් ඇවිලුණි කරුම ගින්නට
    උණුසුම මදි වුණා ඔය පැලෙ ඉන්නට
    ආගිය මාවතක් හෙම නෑ පෙනෙන්නට
    අම්මේ දොර අරින් නුඹෙ පොඩි හිඟන්නිට
     
    විදුලිය එළිය දැක ගිනි හුළ දියේ හෙළා
    මඟ වැරදිලා දිවූවේ මං මුළා වෙලා
    පැනයන මුවන් ළඟ හැලුණයි නෙළූ පලා
    දොර ඇරපන් අම්මේ මට සමාවෙලා

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS