වෙන්වී දැන්.. යන්න ඉති
Wen Wee Dan Yanna Ithin
  • Category : Music Video
  • Lenght : 03:06

  • Song

    වෙන්වී දැන්.. යන්න ඉති ගී පද / Wen Wee Dan Yanna Ithin Lyrics

    වෙන්වී දැන් යන්න ඉතිං
    වෙන්වී යන්නම ඕනේ නම්
    කීරිගැහී හඩන සුසුම්
    ඉවසුම් නෑ මේ පපුවට දැන්
    මා වෙනුවෙන් මැවුව සෙනේ
    රහසේම කාටද පුදා
    වෙන්වී දැන් යන්න ඉතින්
    වෙන්වී යන්නම ඕනේනම්
     
    මගෙ සිහිනේ ඉඩඉල්ලා
    පෙරදා ඔබමයි පියමැන්නේ
    පෙම් පහසේ වෙලී ඉදලා
    කෙලෙසද අද මා හැර යන්නේ
    සෙනෙහසින් පෙර එදා - මගෙ වෙලා උන් ඔයා
    අද මෙසේ වෙන්වෙලා - මා දමා යයි ඔයා...
     
    පෙම් සිහිනේ දුක රන්දා
    ගියාට කම් නැ සතුට සොයා
    මගෙ සෙනෙහේ සිහිවේ නම්
    කවදා හෝ යලි එන්න සොයා
    සෙනෙහසින් පෙර එදා - මගෙ වෙලා උන් ඔයා
    අද මෙසේ වෙන්වෙලා - මා දමා යයි ඔයා
     
    වෙන්වී දැන් යන්න ඉතිං
    වෙන්වී යන්නම ඕනේ නම්
    කීරිගැහී හඩන සුසුම්
    ඉවසුම් නෑ මේ පපුවට දැන්
    මා වෙනුවෙන් මැවුව සෙනේ
    රහසේම කාටද පුදා
     
    වෙන්වී දැන් යන්න ඉතින්
    වෙන්වී යන්නම ඕනේනම්

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS