වෙරළ කොනක හිඳ බලා හිඳින්නෙමි
Werala Konaka Hinda Bala Hidinnemi
  • Lenght : 02:57

  • Song

    වෙරළ කොනක හිඳ බලා හිඳින්නෙමි ගී පද / Werala Konaka Hinda Bala Hidinnemi Lyrics

    වෙරළ කොනක හිඳ බලා හිඳින්නෙමි
    ඔබ එන මග මා පවන් සැලී
    පෙර දිනයක අප හමු වූ තැන හිඳ
    වෙන්වන්නට මුණගැසෙමු යළි //
     
    වෙරලේ හැපෙනා දළ රළ අතරේ
    මුමුණයි හෙමිහිට අපේ කථා
    රැල්ලට නොපෙනී වෙනතක ගිය මුත්
    සුදු වැලි මුමුණයි අපේ කතා
     
    වෙරළ කොනක හිඳ බලා හිඳින්නෙමි
    ඔබ එන මග මා පවන් සැලී
    පෙර දිනයක අප හමු වූ තැන හිඳ
    වෙන්වන්නට මුණගැසෙමු යළි
     
    ඔබ හා දොඩනට ගත සිත ශක්තිය
    නැති ලෙස හදවත හඬා වැටේ
    එනමුදු අප පෙම් කතාව නිම වී
    සමුගන්නම් අද තරහ නොවී
     
    වෙරළ කොනක හිඳ බලා හිඳින්නෙමි
    ඔබ එන මග මා පවන් සැලී
    පෙර දිනයක අප හමු වූ තැන හිඳ
    වෙන්වන්නට මුණගැසෙමු යළි //

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS