විහඟක වු ඔබ.. මා වෙත අවුදින් ගී පද / Wihagaka Wu Oba Ma Wetha Awidin Lyrics
විහඟක වූ ඔබ
මා වෙත අවුදින්
අත්තටු සිඳ ගත්තා
එනමුදු අද දින
නව අත්තටු ලැබ
රිසි සේ පියඹනවා . .
මට උනුසුම දෙනවා
සිතු සැප බුදුමින් පාවී ගිය ඔබ
වැටුනේ අහසින් මේ මහ පොලවට
දුක මිහිරියි කියලා . . . සිනාවුනේ ඔබ
ඝන නිල් අඳුරේ රන් එලි වැට වීලා
විහඟක වූ . ..
කනමැදිරින් එලි ගෙන එහෙ මෙහෙ යන
රෑ ගොම්මන ඉඳි කඩුල්ල පැන එන
මගේ දාහය නිවලා . . .සුසුදු හිනාවෙන්
දෙනු මැන සසරේ තනිකම මඟ හරදා . .
විහඟක වූ . ..
