යොවුන් වසන්තයේ දුහුල් වලාකුළේ
Yowun Wasanthaye Duhul Walakule
  • Film : Diyamanthi
  • Year : 1976
  • Category : Film Song
  • Lenght : 04:04

  • Song

    යොවුන් වසන්තයේ දුහුල් වලාකුළේ ගී පද / Yowun Wasanthaye Duhul Walakule Lyrics

    යොවුන් වසන්තයේ දුහුල් වළාකුලේ
    යොවුන් වසන්තයේ දුහුල් වළාකුලේ
    රෑන් මුදාගෙන පාවී යනු මැන ඉගිල්ලිලා
    යොවුන් වසන්තයේ දුහුල් වළාකුලේ
     
    දිළිසෙන කඳුළේ කිරණින් නෑවී
    සිඟිති ආදර දූපතක තනිවී //
    ගංඟාවක් සේ ගලා බසිනු මැන
    ගංඟාවක් සේ ගලා බසිනු මැන
    නිරන්තරේ සිනා සිසී
    නිරන්තරේ සිනා සිසී
     
    යොවුන් වසන්තයේ දුහුල් වළාකුලේ
     
    හසරැලි ගවසා තුරු මුදුනේ
    කල්පනා තෝතැන්නේ //
    තරු අහුරක් සේ රෑ ඇවිළෙනු මැන
    අහස් ගඟේ දියඹ දිගේ
    අහස් ගඟේ දියඹ දිගේ
     
    යොවුන් වසන්තයේ දුහුල් වළාකුලේ
    යොවුන් වසන්තයේ දුහුල් වළාකුලේ
    රෑන් මුදාගෙන පාවී යනු මැන ඉගිල්ලිලා

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS