ආ මග කෙටියි
Aa Maga ketyi
  • Category : Lyrics Video

  • Song

    ආ මග කෙටියි ගී පද / Aa Maga ketyi Lyrics

    ආ මඟ කෙටියි යායුතු මඟ දුරයි..
     
    නිරතුරු නුවණැසින් තරණය කළ යුතුයි..
    මේ ඇරඹුමයි මාවත බෝ දුරයි..
    නුවණින් අවදියෙන් යායුතු බව දනියි.
     
    ආ මඟ කෙටියි යායුතු මඟ දුරයි..
    නිරතුරු නුවණැසින් තරණය කළ යුතුයි..
    මේ ඇරඹුමයි මාවත බෝ දුරයි..
    නුවණින් අවදියෙන් යායුතු බව දනියි.
     
    මේ මඟ තැනිතලා සේම සෙල් තලා හමුවේවී..
    මේ මඟ තැනිතලා සේම සෙල් තලා හමුවේවී..
    සිත සවි නොබිඳ එමඟ ගෙවා දිරි වඩා..
    ජයබිම දකිමි අදිටනින්..
     
    ආ මඟ කෙටියි යායුතු මඟ දුරයි..
     
    නිරතුරු නුවණැසින් තරණය කළ යුතුයි..
    මේ ඇරඹුමයි මාවත බෝ දුරයි..
    නුවණින් අවදියෙන් යායුතු බව දනියි.
     
    සාවුන් මුවැත්තියන් සේම
    වග වලසුන් හමුවේවී..
    සාවුන් මුවැත්තියන් සේම
    වග වලසුන් හමුවේවී..
    නුවණැස නොහැර බලන මිතු සිත හඳුනා..
    තරණය කරමි මඟ සොඳින්..
     
    ආ මඟ කෙටියි යායුතු මඟ දුරයි..
     
    නිරතුරු නුවණැසින් තරණය කළ යුතුයි..
    මේ ඇරඹුමයි මාවත බෝ දුරයි..
    නුවණින් අවදියෙන් යායුතු බව දනියි.
     
    නිරතුරු නුවණැසින් තරණය කළ යුතුයි..
     
    නුවණින් අවදියෙන් යායුතු බව දනියි.
     
    නිරතුරු නුවණැසින් තරණය කළ යුතුයි..
     
    නුවණින් අවදියෙන් යායුතු බව දනියි.

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS