ආදරේ මා නමින්
Adare Ma Nami
  • Category : Music Video

  • Song

    ආදරේ මා නමින් ගී පද / Adare Ma Nami Lyrics

    Verse 1
    දග කරනා සිත සොයනා රස
    මුව මී මල් ගොමුවේ
    විද ගන්නට ඉඩ දෙනවද මට 
    දැවටී මා සුරතේ
    සුදු මීදුම් මැද දුල තරුකැට 
    දකිනා ලෙස අදුරේ
    මුව වදනින් නොව නෙතිනෙත බැද
    දකිමුද පෙම් සිහිනේ
     
    Pre Chorus
    ඔබෙ ජීවිතේ මගේ කියා
    මා හදවතේ ලියා තියා
     
    Chorus
    ආදරේ........ හේ
    ආදරේ මා නමින්..
    ආදරේ........ හේ
    ආදරේ මා නමින්..
     
    Verse 2
    නිදි නොයෙනා හැම රැයකම සිත
    ඔබ ලගමයි රැදුනේ
    රෑ සිහිනෙන් මම සෙව්වේ නුඹ 
    කොහෙදෝ ඔබ සිටියේ..
    මා අතැගිලි ගෙන පපු තුරුලෙම
    සගවනු මා සොදුරේ
    මට කොදුරනු මැන මගෙ සවනට..
    අපෙ ආදර ගීතේ
     
    Pre Chorus
    ඔබෙ ජීවිතේ මගේ කියා
    මා හදවතේ ලියා තියා
     
    Chorus
    ආදරේ........ හේ
    ආදරේ මා නමින්..
    ආදරේ........ හේ
    ආදරේ මා නමින්..
     
    Bridge
    ලංවෙලා ආදරෙන් 
    මට උණුහුම දෙන්න සැමදා....
    ඔබේ නමින් මා නිවෙම්
    සෙනෙහෙන් සිපගනිමි සැමදා....||
     
    Final Chorus
    ආදරේ........ හේ
    ආදරේ මා නමින්..
    ආදරේ........ හේ
    ආදරේ මා නමින්..

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS