අම්මා ජීවන උයන්තෙරේ ගී පද / Amma Jeewana Uyan There Lyrics
අම්මා ජීවන උයන් තෙරේ
නොනිවී දැල්වෙන පහනකි නිරන්තරේ
ඔබ මට සුවය ගෙනේ...
සඳ වතුරින් නොව රුහිරෙන් ම දිය කොට
අමිල වූ සෙනෙහස පුතුට පොවනු මැන
සෙනෙහස ගිළිහී වියැළුණු පුතු ලොව
මවුනි ඔබේ කිරි දියෙන් තෙමනු මැන...
අම්මා ජීවන උයන් තෙරේ
කඳුළින් ඉපදී කඳුළෙන් ම මියැදෙන
රණ මඬලේ මිණි පහනක් වනු මැන
දිවි ගංගාවේ නොනිමි දියඹ තුළ
මා තුරුලට ගෙන නිබඳ සරනු මැන...
අම්මා ජීවන උයන් තෙරේ
