ඇයගේ ඇකයෙහි ඔබ හිස රඳවා ගී පද / Ayage akayehi oba hisa radawa Lyrics
ඇයගේ ඇකයෙහි ඔබ හිස රඳවා
සැණැහුනු මොහොතක ඔබේම දෙනෙතින්
මා ඔබ දුටුවා ඇයට නොවේ
ඔබට පමණි ඔබ ආදරේ...
වසන්ත දෙකොපුල, නිදිවැරු තොල් මල
දසැඟිලි තුඩු අග පිබිදුණු රණහස
ඇයට ආදරේ ආදරේ මම
ඇයට ආදරේ ආදරේ...
ඇගේ සුරත ගෙන පිණි විල්ලුද මත
ඇයට ඇලුම් බව ඔබ පැවසූ පසු
පෙරළා ඔබ හට පෙම් කරනා බව
ඇය මුමුණන සඳ ඔබ සිත සුවපත් වේ
ඔබ සිත සුවපත් වේ…
ඇයට පමණි මම ආදරේ…
ඔබට පමණි ඔබ ආදරේ…
ඇයට පමණි මම ආදරේ…
ඔබට පමණි ඔබ ආදරේ...
