බඹර රැඟුම් රැයේ
Bambara Rangum Raye

Song

බඹර රැඟුම් රැයේ ගී පද / Bambara Rangum Raye Lyrics

බඹර රැඟුම් රැයේ නුහුරු හැඟුම් පැයේ 
මෝහනීය යොවුන් වියේ මොනර කුරුල්ලා
ආදරයේ ආරාධන රැගෙන ඇවිල්ලා //
 
අවන්හලේ පහන් වැටේ සිළුව නිවියන් 
කුමාරියන් රෝස කොපුල් සුවද දැනීයන් //
රන් මී වීණා රැව් පිලිදේවා රැයක් උපන්නා 
 
බඹර රැඟුම් රැයේ නුහුරු හැඟුම් පැයේ 
මෝහනීය යොවුන් වියේ මොනර කුරුල්ලා
ආදරයේ ආරාධන රැගෙන ඇවිල්ලා //
 
අනංග දෙව් කුසුම් සැරේ ආසිර්වාදෙන් 
නළල් පුරා කියුඹු ලතා අවුල්ව යාදෙන් //
යෞවන ප්‍රේමේ මංගල යාමේ 
රැයක් උපන්නා 
 
බඹර රැඟුම් රැයේ නුහුරු හැඟුම් පැයේ 
මෝහනීය යොවුන් වියේ මොනර කුරුල්ලා
ආදරයේ ආරාධන රැගෙන ඇවිල්ලා //

Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS