එක යායට මල් පීදුනු බිම් තීරේ (Karoke)
Eka Yayata Mal Peedunu (Karoke)
  • Lenght : 03:37

  • ORIGINAL SONG INFO
  • Vocal : Sanath Nandasiri
  • Lyrics : Sunil Ariyaratne
  • Music : H.M. Jayawardena

  • SongOriginal Song

    එක යායට මල් පීදුනු බිම් තීරේ (Karoke) ගී පද / Eka Yayata Mal Peedunu (Karoke) Lyrics

    එක යායට මල් පීදුනු බිම් තීරේ
    පාර දිගේ කණින් කණට
    කොඳුර කොඳුර ඔබයි මමයි විතරයි හිටියේ //
     
    රාස්සිගේ අව්ව වැටී දඹරන් වූ ඔබ කෙහෙරැලි //
    සුළං සමග පොරබැදුවා
    ඔබට මතක නැති උනාට අද වාගේ මතකයි මට
     
    එක යායට මල් පීදුනු බිම් තීරේ
    පාර දිගේ කණින් කණට
    කොඳුර කොඳුර ඔබයි මමයි විතරයි හිටියේ
     
    ගොපළු කොලුගෙ බටනලාව සංගීතය මවන අතර //
    දොලේ දියෙන් පාදෙව්වා
    ඔබට මතක නැති උනාට අද වාගේ මතකයි මට
     
    එක යායට මල් පීදුනු බිම් තීරේ
    පාර දිගේ කණින් කණට
    කොඳුර කොඳුර ඔබයි මමයි විතරයි හිටියේ //
     
    කොඳුර කොඳුර ඔබයි මමයි විතරයි හිටියේ //

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS