ගලන දොලේ පෙන බුබුලයි ගී පද / Galana dole pena bubulayi Lyrics
ගලන දොලේ පෙන බුබුලයි ආදරේ
මිලින මලේ පැණි කඳුළයි ආදරේ
මහ ගල් කුළු ඉහළ නගා
සුළං රොදින් සුසුම් හෙලා
ඈත සිහින් වලා පෙළින්
රහස අසයි ආදරේ
නිල් කඳු වැටි පීරා
පායන සඳ රේඛා
එබී බලා නිහඬ රැයක
රහස අසයි ආදරේ
මහ ගස් අතු ඉහළ බලා
කුරුළු හඬින් ගීත ගයා
වෙළෙන වැලේ පිපෙන මලින්
රහස අසයි ආදරේ
ගලන දොලේ පෙන බුබුලයි ආදරේ
මිලින මලේ පැණි කඳුළයි ආදරේ
