ගුරු ගෙදරට හැමදා එන මවුපියෝ අතරේ ගී පද / Guru Gedarata Hamada Ena Lyrics
ගුරු ගෙදරට හැමදා එන මව්පියො අතරේ
කවදාවත් මගේ පියා නැහැ මම දුටුවේ
උප්පැන්නේ පියාගේ නම ලියන තිරුවේ
පියාගෙ නම ඉරක් උනේ කොහොමද අම්මේ
උදේ හවස මගේ හිති අපේ බිත්තියේ
හැමදාකම තනියෙන් මම සිතුවම් ඇන‍්ඳේ
පියෙකුගෙ රූපයක් නැතත් දැකපු ජීවිතේ
හැඩරුවවත් කියා දෙන්න මගේ පියාගේ
ගුරු ගෙදරට හැමදා එන මව් පියො අතරේ
කවදාවත් මගේ පියා නැහැ මම දුටුවේ
උප්පැන්නේ පියාගේ නම ලියන තිරුවේ
පියාගෙ නම ඉරක් උනේ කොහොමද අම්මේ
මගේ වයසේ අපේ එවුන් මගේ පන්තියේ
අවජාතක නමකින් මට නම් පටබැන්දේ
හරියට තේරුමක් නැතත් කියපු කාරනේ
හැඩරුවවත් කියාදෙන්න මගේ පියාගේ
ගුරු ගෙදරට හැමදා එන මව් පියො අතරේ
කවදාවත් මගේ පියා නැහැ මම දුටුවේ
උප්පැන්නේ පියගේ නම ලියන තිරුවේ
පියගේ නම ඉරක් උනේ කොහොමද අම්මේ
පියගේ නම ඉරක් උනේ කොහොමද අම්මේ
පියගේ නම ඉරක් උනේ කොහොමද අම්මේ
