හද හඬලා.. සිත බිඳිලා
Hada Handala Sitha Bindila
  • Lenght : 03:58

  • Song

    හද හඬලා.. සිත බිඳිලා ගී පද / Hada Handala Sitha Bindila Lyrics

    හද හඬලා සිත බිඳිලා
    හද බිඳිලා හඬලා පෙරදා ගංගා තෙරේ
    අප හමු වූ අප තෙපලූ
    අප හමු වූ තෙපලූ වෙන්වූ ගං තීරේ මේ
    මා හැඬවූ මා සැනසූ මා තනි වූ ගංගාව මේ
    හද හඬලා සිත බිඳිලා
    හද බිඳිලා හඬලා පෙරදා ගංගා තෙරේ
     
    ඇයට පුදකලේ නිමල ආදරෙයි
    ඇය පැතුවේ සුරංගනා ලොවයි
    අව්වේ දැවුනේ වැස්සේ තෙමුනේ
    හදේහී සෙනේහේ තමයි
    ඇයට පුදකලේ නිමල ආදරෙයි
    ඇය පැතුවේ සුරංගනා ලොවයි
    අව්වේ දැවුනේ වැස්සේ තෙමුනේ
    මාගේ සෙනේහේ තමයි
    හද හඬලා සිත බිඳිලා
    හද බිඳිලා හඬලා පෙරදා ගංගා තෙරේ
     
    කසුන් විමන් නැතත් ඔයා ලඟින් ඉමී
    මගේ ලොවේ රජුන් ඔබයි නිරන්තරේ
    පැවසූ කතාවන් සැනසූ ලතාවන්
    මාගේ හදේහී තියේ
    කසුන් විමන් නැතත් ඔයා ලඟින් ඉමී
    මගේ ලොවේ රජුන් ඔබයි නිරන්තරේ
    පැවසූ කතාවන් සැනසූ ලතාවන්
    හද වේදනාවන් ගෙනේ
     
    හද හඬලා

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS