හදවතට එකඟව ගී පද / Hadawathata Ekagawa Lyrics
පව් නොපිරේවා අකීකරු රත්තරනේ
මැව්වට ජාලා කඳුලු බිඳු මේ දෙනෙතේ
හදවතට එකඟව යමක් තියෙනවා කියා ගන්න මට ඔබ කෙරේ
ඔබ නැතුව මම ඉන්නෙ කොහොමද කියා හිතා ගන්න බෑ හෙට දිනේ
පව් නොපිරේවා අකීකරු රත්තරනේ
මැව්වට ජාලා කඳුලු බිඳු මේ දෙනෙතේ
නොකිලිටි සයුරක ගැඹුරුම පතුලක මුතු අහුරක් තරම් දිදුලන
ඔබෙ මතකය ලඟ අසරණ උන මට හරි වෙහෙසයි බලා පෙර මග
මතු පිටින් සිනහා වෙන්නම් ඇතුලතින් තුරුලු කර තනිකම
පව් නොපිරේවා අකීකරු රත්තරනේ
මැව්වට ජාලා කඳුලු බිඳු මේ දෙනෙතේ
පූජාසනයක සඟවා සුරැකිව අද මෙන් මතු අනාගතයට
ඔබ වෙනුවෙන් කල පිවිතුරු සෙනෙහස තිබුණාදෙන් හිතේ නිසලව
සමු අරන් යන්න එහෙනම් වාසනාවන්තියක් අසලට
පව් නොපිරේවා අකීකරු රත්තරනේ
මැව්වට ජාලා කඳුලු බිඳු මේ දෙනෙතේ
