හීනයක් වගේ.. ඔබ ආවා
Heenayak Wage Oba Awa
  • Lenght : 03:23

  • Song

    හීනයක් වගේ.. ඔබ ආවා ගී පද / Heenayak Wage Oba Awa Lyrics

    හීනයක් වගේ ඔබ ආවා
    හීනයක් දිගේ ඔබ ආවා
    ආදරෙන් මගේ
    හිස අතගෑවා
    හීනයක් ද මේ හිත කීවා
     
    ඔබ ඉගිල ගියා
    අහස් යහනට
    වළාකුලකින්
    නම අසාගෙන එන්න
    ඔබ කිමිද ගියා
    සයුරු රළ මත
    සයුරු රළකින්
    නම අසාගෙන එන්න
    හිත නතර වුනා
    ගීතයක් ළඟ
    නම නොදන්නා
    හීනයට ඉඩ දෙන්න
     
    නම නොදන්නා
    මලක් පිපිලා
    හිතේ වන වදුලේ
    නම නොදන්නා
    මලක් පිපිලා
    නෙතේ ගං වතුරේ
    නම නොදන්නා
    මලක් පිපිලා
    වතේ ඝන අඳුරේ
    නුඹ ඇවිත්දෝ
    හීනයක්දෝ
    මගේ නම ඇසුවේ
     
    හීනයක් වගේ ඔබ ආවා
    හීනයක් දිගේ ඔබ ආවා
    ආදරෙන් මගේ
    හිස අතගෑවා
    හීනයක් ද මේ හිත කීවා

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS