ජීවන සුවඳක් දැනෙනවා ගී පද / Jeewana Suwadak Danenawa Lyrics
ජීවන සුවඳක් දැනෙනවා
තරුණ හදක් කිති කැවෙනවා
කනට කොඳුරලා නොකියන රහසක්
කියන්න මැණිකේ හිතෙනවා
මංගල සීනු හඬින් ගම පිබිදෙන දිනයේ
අනාගතේ සිතුම් පැතුම්
හකුලා එක පොදියේ
ගයා ගීත පෙම් අමරස කලතා සුකුමලියේ
අතිනත ගෙන දිගු ගමනක් යමු අපි වෙල් එළියේ
ආසිරි ගී මැද කැන්දන් යන මග
දෙපසේ විසිරී විලඳ පොරී
පතුරයි අමුතුම සුවඳක් සොඳුරියෙ
ආදරයේ මධු මිහිර රැඳී
රුවට රුවක් නැත
මෙහෙම රුවක් නැත
සිරිකත පරදන රුව වාගේ
හිතට හිතක් නැත
මෙහෙම හිතක් නැත
මා වෙනුවෙන් පිදු හිත වාගේ
අහක බලාගෙන හිටියොත් කෙල්ලේ
මේ පෙම් හදවත පෑරේවී
හිනාවෙයන් කෝ මේ බලහන්කෝ
නැත්නම් වැඩ දුර දිග යාවී
ජීවන සුවඳක් දැනෙනවා
තරුණ හදක් කිති කැවෙනවා ///
