ජීවනයේ.. මීවනයේ
Jeewanaye Meewanaye Pem Rasa
  • Lenght : 02:56

  • Lyrics

    Sri
    Nihal
    Song

    ජීවනයේ.. මීවනයේ ගී පද / Jeewanaye Meewanaye Pem Rasa Lyrics

    ජීවනයේ මීවනයේ
     
    පෙම්රස පල ලබාදෙයි නිබඳේ
    ජීවනයේ මීවනයේ
    පෙම්රස පල ලබාදෙයි නිබඳේ
    ඇසේ මේ සුරල් ගීතිකා මමයි රූපිකා
    රඟදෙන ආදර මණ්ඩපයේ
    ජීවනයේ මීවනයේ
    පෙම්රස පල ලබාදෙයි නිබඳේ
     
    වන්නතරේ මේ තුරු සෙවනැල්ලේ
     
    ඉමු සැනසිල්ලේ සියුමැල්ලේ
    වන්නතරේ මේ තුරු සෙවනැල්ලේ
    ඉමු සැනසිල්ලේ සියුමැල්ලේ
    හෙමින් කැලේ මල් රේණු තලාවේ
    ප්‍රේම සුරල් පද වෑහෙන්නේ
    ඇසේ මේ සුරල් ගීතිකා මමයි රූපිකා
    රඟදෙන ආදර මණ්ඩපයේ
    ජීවනයේ මීවනයේ
    පෙම්රස පල ලබාදෙයි නිබඳේ
     
    මී උතුරායන රස මදිරාවේ
     
    සිත්සේ මා කිමිදී නෑවේ
    මී උතුරායන රස මදිරාවේ
    සිත්සේ මා කිමිදී නෑවේ
    ලංවී නැලවෙන කළ ඔය දෑසේ
    උණුසුම් වෙයි මෝරන සීතේ..
    ඔබේ නිල් නුවන් සාගරේ..
    මැණික් ආකරේ..
    මා මත් කල මැන රූමතියේ..
    ජීවනයේ මීවනයේ
    පෙම්රස පල ලබාදෙයි නිබඳේ
    ජීවනයේ මීවනයේ
    පෙම්රස පල ලබාදෙයි නිබඳේ
    ජීවනයේ මීවනයේ
    පෙම්රස පල ලබාදෙයි නිබඳේ
    ඇසේ මේ සුරල් ගීතිකා මමයි රූපිකා
    රඟදෙන ආදර මණ්ඩපයේ
    ජීවනයේ මීවනයේ
    පෙම්රස පල ලබාදෙයි නිබඳේ..

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS