කඳුලින් අවසන් වන පෙම් පුවතට
Kadhulin Awasanwana Pem Puwathata

Song

කඳුලින් අවසන් වන පෙම් පුවතට ගී පද / Kadhulin Awasanwana Pem Puwathata Lyrics

කඳුලින් අවසන් වන පෙම් පුවතට  
හෙට දවසක් නොගෙනෙනු මැන 
පෙම්වත,
මේ මල් යෟවනයේ .....
 
සිරකරලනු බැරි සෙනේ හැගුම් දිය 
උතුරා පිටාර යයි 
දෙනෝදහක් ඇස් වලින් රිදුම් ලැබ 
පෙම් සිත් බලා හිඳී 
උහුලාගනු හැකි වේද මේ සෙනෙහස 
සිදී බිඳී යා නම්....
 
 
කඳුලින්  අවසන් වන ......
 
 
සිහිලස රැඳී තුරු ලතා ගුලාවක 
සඟවා මා පැතුමන් 
පියා සරන්නට එපා බිඟුන් ලෙස 
රහසින් දැක අන් මල් 
උහුලාගනු හැකිවෙද  ඔබ  උණුහුම 
නිවී මැකී  යා නම්....
 
 
කඳුලින්  අවසන් වන......

Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS