කියන්න සුළඟේ ඔබ කොයි සිටදෝ එන්නේ ගී පද / Kiyanna Sulange Oba Koi Sitado Enne Lyrics
කියන්න සුළගේ ඔබ
කොහි සිටදෝ එන්නේ
සැරින් සැරේ හෙමින් ඇවිත්
හයියෙන් යන්නේ ......
කොහෙන් කොහොම ආවත්
මොකටද විමසන්නේ
වනන්තරේ ඔබ දැක නැති
තැනකිනි එන්නේ ....
හමන තාලයටද ගහේ අතු සෙලවෙන්නේ
අතර මගදී ඔබ එන විට මොනවද දැක්කේ
ගොපළු පුතෙක් ගියා උදේ ගව රැල දක්කා
මට අත වන වන කුඹුරක් නැටු හැටි දැක්කා
සමගි වෙලා තැන තැන යන වාලු එක රැලේ
කැලේ මැදදී සත්තු දැක්කේ නැද්ද මද නලේ
කුරුළු මවක් නැති උන පොඩි පැටවෙකු සෙව්වා
තුරුළු කරන් මුවදෙන පැටියට කිරි පෙව්වා
බුදුන්ගේ සිරි පා ඇති යයි ලොව පරසිද්ද
සමන් ගිර වටේ සුළගේ ඔබ ගියේ නැද්ද
ඔබත් ළමයෝ මේ අහන්නේ මොනවද මන්දා
අදත් උදැසන මා සිරි පාදය වැන්දා
රටක් බලා හැමට සිසිල බෙද බෙද දෙන්න
මටත් ඇහැකිනම් ඔබ මෙන් තැන තැන යන්න
