කොහෝ කොහෝ කොහේ ඉඳන් කොහෝ කියනවදෝ (Live)
Koho Koho Kohe Indan (Live)
  • Lenght : 02:35

  • ORIGINAL SONG INFO
  • Vocal : Sanath Nandasiri
  • Vocal : Sujatha Attanayake
  • Lyrics : Ajantha Ranasinghe
  • Music : Sanath Nandasiri

  • SongOriginal Song

    කොහෝ කොහෝ කොහේ ඉඳන් කොහෝ කියනවදෝ (Live) ගී පද / Koho Koho Kohe Indan (Live) Lyrics

    කොහෝ කොහෝ කොහේ ඉඳන් කොහෝ කියනවදෝ
    කොහෝ කොහෝ
    කොහේ ඉඳන් කොහෝ කියනවදෝ
    අපේ ගමේ රබන් පදේ
    උඹට ඇහෙනවදෝ
     
    කජු නාඹර රස මී අඹ ගස් යට වැහි වැහලා
    කොහෝ අන්න අර බලපන් මී වද පැණි පිරිලා //
     
    කොහෝ කොහෝ කොහේ ඉඳන්
    කොහෝ කියනවදෝ
    බක් මාසේ මඟුල් නැකත් මටත් කියනවදෝ
     
    රබන් හඬට බඹරු නටන ලස්සන ගම් මැද්දේ
    කොහෝ උඹත් ගී කියපන් සිංහල අවුරුද්දේ //
     
    කොහෝ කොහෝ
    කොහේ ඉඳන් කොහෝ කියනවදෝ
    අවුරුද්දට අපේ දිහා නෑගම් එනවදෝ

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS