ළඳේ ළඳේ ළඳේ
Lande Lande Lande
  • Category : Film Song

  • SongCover

    ළඳේ ළඳේ ළඳේ ගී පද / Lande Lande Lande Lyrics

    ළඳේ ළඳේ ළඳේ
    වන බඹරු නුදුටු මලේ
    මා ඔබට පිදුව හදේ
    ඔබෙ රුව ම ඇඳී සැලේ
    ළඳේ ළඳේ ළඳේ
     
    මගෙ අඳුරු ලොවේ ඔබේ නෙතින්
    එළිය වැටෙනවා //
    ඔබෙ සුවඳ මගේ මැදුර පුරා
    සුවඳ කරනවා
     
    ළඳේ ළඳේ ළඳේ
    වන බඹරු නුදුටු මලේ
    මා ඔබට පිදුව හදේ
    ඔබෙ රුව ම ඇඳී සැලේ
    ළඳේ ළඳේ ළඳේ
     
    ඔබ වෙසෙන පැලෙන් නව ලොවකට
    ගෙන එමි කැන්දා //
    ඔය සොඳුරු පැතුම් මුල සිට මගෙ
    හදවත බැන්දා
     
    ප්‍රියේ ප්‍රියේ ප්‍රියේ
    ඔබ පතමි සියලු කලේ
    මා ඔබට පිදුව හදේ
    ඔබෙ රුව ම ඇඳී සැලේ
     
    ළඳේ ළඳේ ළඳේ
    වන බඹරු නුදුටු මලේ
    මා ඔබට පිදුව හදේ
    ඔබෙ රුව ම ඇඳී සැලේ

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS