මදුනාගල අහසේ දඟ කරනා තරු ගනින්න ගී පද / Madunagala Ahase Danga Karana Lyrics
මදුනාගල අහසේ දඟ කරනා තරු ගනින්න
උණු දිය පොකුණ ලඟදි හැන්දෑවක මුණ ගැහෙන්න
මදුනාගල අහසේ දඟ කරනා තරු ගනින්න
උණු දිය පොකුණ ලඟදි හැන්දෑවක මුණ ගැහෙන්න
හැන්දෑවක මුණ ගැහෙන්න..//
දහවල දූවිල්ලෙන් රතු වුණ දෙනුවන් නිවෙන්න
දහවල දූවිල්ලෙන් රතු වුණ දෙනුවන් නිවෙන්න
ආදරයේ සෙනේ දියෙන් මැලවුණු හදවත තෙමන්න
මැලවුණු හදවත තෙමන්න
මදුනාගල අහසේ දඟ කරනා තරු ගනින්න
උණු දිය පොකුණ ලඟදි හැන්දෑවක මුණ ගැහෙන්න
හැන්දෑවක මුණ ගැහෙන්න
කිරි බැබළෙන සඳපානේ මට චුට්ටක් හිනාවෙන්න
කිරි බැබළෙන සඳපානේ මට චුට්ටක් හිනාවෙන්න
නිවාඩුවක් ලැබුණු ගමන් මැණික මගේ ගමට එන්න
මැණික මගේ ගමට එන්න
මදුනාගල අහසේ දඟ කරනා තරු ගනින්න
උණු දිය පොකුණ ලඟදි හැන්දෑවක මුණ ගැහෙන්න
මදුනාගල අහසේ දඟ කරනා තරු ගනින්න
උණු දිය පොකුණ ලඟදි හැන්දෑවක මුණ ගැහෙන්න
හැන්දෑවක මුණ ගැහෙන්න
