මගේම අනුරුව ගී පද / Magema Anuruwa Lyrics
මගේ ම අනුරුව මගේ ම ළඟ හිඳ
මගේ ම මුහුණට සමීප වී
මගේ ම තොරතුරු මගේ ම දෑසින්
විමසන දවසක් එනු මැනවී...
ඔබගෙන් වෙන් වී ඉන්නා මොහොතේ
තනිකම නම් අසපුව ඇතුළේ...
ඔබගේ සුවඳයි ඔබගේ සුසුමයි
නිරතුරු ගැවසෙයි ළය මඬලේ...
මගේ ම අනුරුව මගේ ම ළඟ හිඳ...
විල හා මල සේ නොව අප අපගේ
හදවත් යුග පෑහී ඇත්තේ...
එක ජීවිතයක් දෙතැනක රැඳිලා
එක මල දෙතැනක පල ගත්තේ...
