මම තරහා නෑ ගී පද / Mama tharaha ne Lyrics
මම තරහා නෑ....
ප්‍රේම පත්‍ර බොළඳ වචන කුළු ගැන්වූ ආදරයක්
සිටු මැදුරක විසූ ඔබට මගේ පැලේ ඉඩ මදි නම්
කුමාරයෙකු අත ගන්නට වේවි වාසනා.....
හිතට දුකක් ඇති වෙනවා ඒ වුනාට නෑ කමක් නෑ
මම තරහා නෑ.....මම තරහා නෑ....
අමෘතයද ඉවත හෙලයි හිත නැති නම් මුව තැබුමට
ඉරණම එය විසඳනු ඇත මටත් කලක් උදාවේවි
රැහැන් වෙලා බැඳගන්නට බැහැනෙ ආදරේ.....
හිතට දුකක් ඇති වෙනවා ඒ වුනාට නෑ කමක් නෑ
මම තරහා නෑ....මම තරහා නෑ....
