මට මතකයි ඔබ Mata Mathakai Oba
මට මතකයි ඔබ ගී පද / Mata Mathakai Oba Lyrics
මට මතකයි ඔබ
පිපිලා උන්නා
දුනුකේ ගසක සුදූ...
මට මතකයි ඔබ
සොයලා ආවා
බඹරෝ සුවඳ මධූ...
වත්සුණු තවරා
කවුළුව අතරින්
හිස පොවලා දවසක් දා
මතකයි අත වැනුවා...
අත්තල හඬ ගා
මහ මඟ කුර ගා
ඔබ යද්දී දවසක් දා
මතකයි අත වැනුවා...
දිය සුළි නැඟිලා
වෙරළට එද්දී
බෙලිකටුවේ සැඟවීලා
මුතු ඇටයක් තිබුණා...
සසරේ පෙර දා
වරම් ලැබූ ලෙස
බෙල්ලෙකු ගේ සඟවාලා
මම ඔබ රැකගත්තා...

Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS