මීදුම ඇතිරුණු රෑ කඳු අතරේ ගී පද / Meeduma Athirunu Raa Kandu Pela Athare Lyrics
මීදුම ඇතිරුණු රෑ කඳු පෙළ අතරේ පාලුවේ
ඒ පොඩි පැල තුල ඈ ඇත මඟ බලමින් සීරුවේ....
ඉසුරින් හිඟ ඇගෙ පිරිසිදු හද මැද
සපිරේ සැනසුම් සුවේ...
කඳුලින් බර මගෙ හදවත සැතපෙන
යහනා එතැනයි ලොවේ...
මැදුරින් ඉවතට ඇගෙ පැල පියසට
මා පියමං මැවේ......
උණුසුම් වනු බැරි හිරිමල් පොද වැහි
සැළෙනා රෑ සීතලේ...
අප ළං වනු බැරි තහනම් බැමි බිඳ
සොයමී ඒ ආදරේ...
සතුටයි කඳුලයි විඳගමි ඇයගෙන්
මා භවයෙන් භවේ......
