මෙවලම් මොකටද මෙතරම් පැළඳුවේ සමනලියේ ගී පද / Mewalam Mokatada Metharam Lyrics
මෙවලම් මොකටද මෙතරම් පැළඳුවේ සමනලියේ
උස් අඩි පාවහන් යුගල යයි විසිවී ලොල්ලේ
මල් පෙතිවල පාට ගෑවේ ඇයි සියුමැලි දෙතොලේ
කොළඹ ගිහින් ඉගෙනගත්තේ ඔව්වද මගේ කෙල්ලේ
දෙදරා ගිය ආදරයේ තහංචි ගැමි පව්රු
රෝස මලක සඟවාගෙන රොන් ගෙන යති බඹරු
හඬන්න මට ඉඩදුන්නට නලියන නෙත් කව්ළු
කඳුළු බින්දු මේහැටි ඇයි මට විතරක් නපුරු
මෙවලම් මොකටද මෙතරම් පැළඳුවේ සමනලියේ
ඉකිබිඳිනා රෑ තුන්යම සිත්මල අඩ නින්දේ
සඳ මඬලට තරු යායට නොදැනයි ඇත වැනුවේ
උගතමනා ශිල්පය රැක ගත්තද පෙම් වතියේ
නුඹේ අතිනුයි නිර්මල පෙම් යහන බිඳී වැටුනේ......
මෙවලම් මොකටද මෙතරම් පැළඳුවේ සමනලියේ
