මිණි මිණි පොදේ ළා අඳුරේ.. තෙමි තෙමි ගිය දා
Mini Mini Pode La Adure
  • Lenght : 02:55

  • Song

    මිණි මිණි පොදේ ළා අඳුරේ.. තෙමි තෙමි ගිය දා ගී පද / Mini Mini Pode La Adure Lyrics

    මිණි මිණි පොදේ ළා අඳුරේ
    තෙමි තෙමි ගියදා
    ඉඳහිට අදත් සිහිවෙනවා
    සිරි පොද දැකලා //
     
    ආසිරි මල් වරුසාවේ
    නැහැ අපි තෙමුණේ
    වැහි සිරි බලන්නට ඔබ නෑ
    අද කුඩ සෙවණේ //
     
    මිණි මිණි පොදේ ළා අඳුරේ
    තෙමි තෙමි ගියදා
    ඉඳහිට අදත් සිහිවෙනවා
    සිරි පොද දැකලා
     
    මා හෙලු කඳුළැලි පුරවා
    වැහි කළු ඒවී
    ඔබෙ පාමුල මුතු වරුසා
    විසිරී යාවී //
     
    මිණි මිණි පොදේ ළා අඳුරේ
    තෙමි තෙමි ගියදා
    ඉඳහිට අදත් සිහිවෙනවා
    සිරි පොද දැකලා

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS