නීල වර්ණ නීල කොබෙයියෝ ගී පද / Nila warna nila kobeiyo Lyrics
නීල වර්ණ නීල කොබෙයියෝ
මං ආදර නීල වර්ණ
නීල කොබෙයියෝ ...
සිත වටකර පියා සලන
සිතට සුවඳ පවන් සලන
නීල වර්ණ නීල කොබෙයියෝ ......
උඩින් ගියත් බිමින් ගියත්
මගේ හිතෙන් ඉගිල නොයන්නේ
අදුර බිදෙන සොදුරු සිහින
කිඳුරු ලොවින් මවෙත ගෙනෙන්නේ ....
එරන් මාල එරන් තෝඩු
එරන් වළලු නැතේ පතන්නේ..
අමාව සේ නිමා නොවන
සිනා බිදක් රැගෙන වරෙන්නේ......
