ඔබ මට තරුවකි ගනඳුරු රැයකදි ගී පද / Oba Mata Tharuwaki Ganaduru Rayakadi Lyrics
ඔබ මට තරුවකි ගණඳුරු රැයකදි
දිදුලන සඳ ලෙස ගුවන අරා..
ලා හිරු මඬලයි මා අභියස ඔබ
බැස යන්නේ නැති සසර පුරා..//
උපතින් උපතට චාරිකාවේ...
දිවි මග ඔබ මා ලඟ උන්නා
යුගයෙන් යුගයට මේ භවයේදී
යලි හමුවන්නෙමු අපි දෙන්නා..
ඔබ මට තරුවකි ගණඳුරු රැයකදි
දිදුලන සඳ ලෙස ගුවන අරා..
ලා හිරු මඬලයි මා අභියස ඔබ
බැස යන්නේ නැති සසර පුරා..
සෙනෙහස ගඟුලක් ඔබට පුදන්නෙමි
බිඳුවක් ඔබගෙන් ලබන නියා...
සෙනෙහස උතුරන මහ සයුරක් වෙමි
වෙරළක් වී ඔබ දකිනු නියා..
ඔබ මට තරුවකි ගණඳුරු රැයකදි
දිදුලන සඳ ලෙස ගුවන අරා..
ලා හිරු මඬලයි මා අභියස ඔබ
බැස යන්නේ නැති සසර පුරා..//
ආ..... හා..හා හා...
ආ..... හා..හා හා...
ම්..... ම්..ම් ම්...
ම්..... ම්..ම් ම්...
