පාපොච්චාරණය
Papochcharanaya
  • Category : Music Video
  • Year : 2022

  • Vocal

    Kelwiz
    Song

    පාපොච්චාරණය ගී පද / Papochcharanaya Lyrics

    මං දැක්කා හීන මං ගියේ හරිම පාරේ
    නෑ පසුතැවීමක් කරා ජීවිතේ ඕන දේ
    විදවීමයි රිදවීමයි තේරුම්ගත්තා ඒයි 
    හම්බුන අත්දැකීම් එක්ක ගොඩක් දුර ආවා ඒයි
     
    මං දැක්කා හීන මං ගියේ හරිම පාරේ
    නෑ පසුතැවීමක් කරා ජීවිතේ ඕන දේ
    විදවීමයි රිදවීමයි තේරුම්ගත්තා ඒයි 
    හම්බුන අත්දැකීම් එක්ක ගොඩක් දුර ආවා ඒයි
     
    නිරුවතින් ඇවිත් හැඩ වෙන අපි කව්රුත් යන්න ඉන්නේ සැනකින්
    ගලපන්නේ වචන පෑනකින්
    වැරදුනු තැනකින් පටන්ගනිල්ලා අලුතින් දකින්නෙපා නැවතීමක් නැගිටපන් ඩෝ හීනෙකින්
    මිනිහෙක් මනුස්සයෙක් වෙන්නේ හිතන කරුණකින්
    කරපු සමහර දේවල් වලින් හිත් පැරෙන්නැතී
    දිව්වේ නැත්තං හීන පස්සේ වාසනාව දුර රැදි
    කැපවීමයි උනන්දුවයි අනාගතේ දොර ඇරී 
     
    රත් වෙන විටදී මුවහත් වෙන්නේ යකඩේ
    තැලුන්නැත්තං සමාජෙන් ඉගෙනගන්නේ බැරිවේ
    වැරදි පාරේ ගියත් කරන්නේ මං හරිදේ
    ඇසුනට පිලිගන්නේ ඇස් දෙකෙන් දකින දේ
     
    පවට පින දෙන්න සමරු පොර කති
    මාව උඩට උස්සපු උන්ට හදවතින් ස්තූති
    අමාරු පාරේ දනුන්නෑ හති වෙන්නෑ ඇති
    කව්රුත් නවතින්න ඔනේ හොදම අනාගතේ ගාවින්
     
    ජිවිතේ නැවතීමක් නෑ ඇතිවීමක් තනියම හැඩුවා මං 
    මං දකින සිහිනෙක නැ එළියක් උනා මමම හදක්
     
    මේ තනුවයි වචනයි දෙන්නේ ගලපලා ජීවිතේ මගේ 
    කිසි දෙයක් දැවටෙද්දි ළග දැනෙන්නෑ අගේ
    නැති බැරි උන් ඉස්සරා පෙන්නන්නෑ රගේ
    පැන්නේ වතුරට ගැඹුර බලලා නෙවෙයි ගගේ
     
    පිපුනට මල් දවසක පරවෙනවා මේ ජීවිතේ අපි කෝම හිටයත් නවතිනවා
    ඇත්ත දැනන් බොරු දේවල්  වලින් ඈත් වෙලා මත් උනු ලෝක නැති දාට නිදියද්දි සැනසෙනවා
     
    කෙලවපු තැන් තාමත් හතේ තියෙන්නේ සැගවී
    හතුරයි මිතුරයි පටලගත්තේ නෑ ඇස් දෙකින්
    දිව්වා මත් වෙලා ඔව් හීන වලට මත්වී
    වචන ගැලපෙන්නේ හදවත රත්වී
     
    කිව්වේ හරි දේ ගත්තේ හැමෝම මගේ වැරදි දේ
    මගේ අම්මා විතරයි කිව්වේ උබ හරි පුතේ
    පාපොච්චාරණයක් මේ මගෙම හිතින්ම කියන
    වැරැද්දක් කරේ නෑ කාටවත් මං හිත රිදෙන
     
    ඇති සැනසීමක් නෑ කෙරුවොත් වැරදී
    ගොඩක් දේවල් දැක්කා වැටිලා ඉද්දී මං පැරදී
    හීන වලට තිබ්බේ නෑ තිත් මං නැවතී
    ආශිර්වාදයක් මං මේ වචන ගැලපීම්
     
    අන්ධකාරේ මම ගියේ මට හමුබූන්නෑ එළි
    තර්ක නෑ කාත් එක්කවත් මං ගත්තා අත්දැකීම්
    මොළෙන් ගන්නේ ඕන තීරණ මං ගත්තානේ හිතීං
    දැන් මට මම සමාව දෙනවනේ ඉතිං
     
    රිදුනත් ගියේ නෑ පිටුපාලා ප්‍රශ්න වලට මං
    මං තේරුම් ගද්දී ඇත්ත මගේ හීන අබලං
    අන්දකාරේ හීන දැක්කා හද දිහා බලාං
    කර්මේ ආපස්සට පෙරලුවා අනාගතේ හදාං
     
    ජිවිතේ නැවතීමක් නෑ ඇතිවීමක් තනියම හැඩුවා මං 
    මං දකින සිහිනෙක නැ එළියක් උනා මමම හදක්
     
    මා වෙනුවට ගරු කරන්න මා වැදූ මවට
    ආදරෙයි දේවල් කියලා දුන්නු සමාජෙට
    හිතේ අහංකාර කමටයි පැන්නේ ගිනි ගොඩට
    නෙලුම් මලක් උනත් දෙන්නේ අලංකාරයක්නේ මඩට
     
    වපර ඇසින් බැලුවේ නැහැ මිනිස්සු දිහා බැලුවේ කෙලින්
    අර්තයක් කියවෙයි ගොඩක් දේවල් මේ වචන පෙලි
    ආදර්ශයක් මේ අදහස් හදවතේ රැව් දේවි
    ආත්මයක් ආත්මයක් ගානේ මෙවා තුඩු දේවි

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS