පෙම් සිත රිදුණා රත්තරනේ ගී පද / Pem Sitha Riduna Raththarane Lyrics
පෙම් සිත රිදුනා රත්තරනේ
මට දුක හිතුනා රත්තරනේ
මා තනි කරලා ඔබ හැර ගිය දා
මා තනි කරලා ඔබ හැර ගිය දා
මගේ හිත රිදුනා රත්තරනේ
ආදරයේ උණුසුම නැහැ මගේ ලොවේ
හැර ගිය දා මා හඬනෙමි දුකට මෙසේ
හඳුනා ගත් දා පිවිතුරු හැඟුම් මගේ
කදුළු සැලේවී නෙතඟින් පෙමට ඔබේ
පෙම් සිත රිදුනා රත්තරනේ
මට දුක හිතුනා රත්තරනේ
මා තනි කරලා ඔබ හැර ගිය දා
මා තනි කරලා ඔබ හැර ගිය දා
මගේ හිත රිදුනා රත්තරනේ
ඔබ ගැන සිතමින් සිටිනෙමි දිවා රැයේ
පෙර ලෙස ආයෙත් එනු මැන මගේ හදේ
කලකට පසුවත් අමතමි ඔබට මෙසේ
තවමත් ඔබටයි සෙනෙහස උරුම මගේ
පෙම් සිත රිදුනා රත්තරනේ
මට දුක හිතුනා රත්තරනේ
මා තනි කරලා ඔබ හැර ගිය දා
මා තනි කරලා ඔබ හැර ගිය දා
මගේ හිත රිදුනා රත්තරනේ
