සඳ නාවත් කමක් නැතේ රත්තරන් පුතේ
Sanda Nawath Kamak Nathe
  • Lenght : 03:59

  • Song

    සඳ නාවත් කමක් නැතේ රත්තරන් පුතේ ගී පද / Sanda Nawath Kamak Nathe Lyrics

    සඳ නාවත් කමක් නැතේ රත්තරන් පුතේ
    හිරු නාවත් කමක් නැතේ රත්තරන් පුතේ
    ඕන දුකක් ඉහිලිය හැකි මහලු ජීවිතේ
    ඒත් පුතේ නුඹ නාවොත් දුක වැඩියි හිතේ
     
    කුස ගින්නට රස මසවුලු ලැබුනත් මොකටද
    මගේ පුතේ නුඹේ ඉඳුල් රජ බොජුනකි මට
    මහලු මඩම දඟ ගෙයක්  ය දඟ ගෙයි ලෑමට
    එකම වරද නුඹේ පියා වයසට යාමද
     
    සඳ නාවත් කමක් නැතේ රත්තරන් පුතේ
     
    පසලොස්වක පෝය දාට ගමේ විහාරෙට
    හිත දුවලා වැඳලා එයි මම හැදු පිලිමෙට
    මගේ පුතා මතු බුදු වෙයි එකක් කලොත් මට
    නුඹේ අතින් බත් දෙකටක් කවාපන්කෝ මට
     
    සඳ නාවත් කමක් නැතේ රත්තරන් පුතේ

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS