සොයා දියව් මට සරණක්.. මා අත ගන්නට
Soya Diyaw Mata Saranak
  • Lenght : 03:21

  • Song

    සොයා දියව් මට සරණක්.. මා අත ගන්නට ගී පද / Soya Diyaw Mata Saranak Lyrics

    සොයා දියව් මට සරණක්
    මා අතගන්නට - පෙරුම් පිරූ යෞවනයන්
    දකුණේ දී - උතුරේ දී
    මරා දැමූයේ...
    තෙපි නොවේද පව්කාරයිනේ
     
    නීල වරල මතුවන නර කෙස් ගනිමි..
    බාල සුවඳ ආලේපන ගෙන උලමි..//
    දෙතන එරෙන කිරි - දොවා ඉවතලමි..//
    තෙපිටයි ඒ ශාපේ - පව්කාරයිනේ..
     
    සොයා දියව්..
     
    මැලෙවේ නෙතු මහනෙල් නා දලු දෙතොලේ
    ගිලිහෙයි පෙති සියපත වන් වත මඬලේ..//
    හදෙහි නැගෙන ගිණි - කඳුලින් ඉවසමි..//
    තෙපිටයි ඒ පාපේ - පව්කාරයිනේ..
     
    සොයා දියව්..

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS