වියපත් වී නැත ආදරයේ සඳ ගී පද / Viyapath Vee Lyrics
වියපත් වී නැත ආදරයේ සඳ
වියපත් දිවි ගඟ මුවදොර අබියස
මගෙ මැණිකේ මං ළඟින්ම ඉඳගෙන
පාර කියනවා හෙට ජීවිතයට
දොරගුළු බිඳගෙන අඳුර ගලන සඳ
සුළඟට නොනිවී දිළෙන පහන් සිළ
විෂ කටු ඇනිලා තැවෙන දැවෙන හිත
මොහොතින් සුවකළ රහස නුඹේ වත
දිවි ගිම්හානේ සරතැස එළවන
වසන්තයේ මද සිහිල් සුළං පොද
සෙවනැල්ලක් සේ මා ළඟ නැවතුන
නුඹේ සෙනෙහෙ මහමෙරට වැඩී මට
