වියෝ ගී ගැයෙනා හදේ.. ආදර මල් නොමියේWiyo Gee Gayena Hade
Film : Gehenu LamaiYear : 1978Category : Film SongLenght : 06:59
වියෝ ගී ගැයෙනා හදේ.. ආදර මල් නොමියේ ගී පද / Wiyo Gee Gayena Hade Lyrics
වියෝ ගී ගැයෙනා හදේ
ආදර මල් නොමියේ
සදා මේ සංසාරේ
අපේ හමුවීම නොවේ //
අතීතයේ මායා
රූ කැඩී බිඳී යාවී
අනාත වූ මා දෑසේ
කතා නිමා වේවී
මගේ කදුළු හංගා
මා සිනා සිසී ඉන්නේ
ඔබේ ලොවේ හිරු පායා
සදා සිනාසේවා
වියෝ ගී ගැයෙනා හදේ... //
අනාගතේ සිහිනේ
නෑ මෙදා සැබෑ වන්නේ
මිලාන වූ ආකාසේ
අපේ පැතුම් පාවේ
මගේ පැලේ තනි වී
මා සුසුම් හෙලන වේලේ
ඔබේ ලොවේ හිරු පායා
සදා සිනාසේවා
වියෝ ගී ගැයෙනා හදේ... //

Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS