යකඩ මන්නේ
YAKADA MANNE
  • Category : Music Video
  • Year : 2026

  • Vocal

    Fill
    T
    Lyrics

    Fill
    T
    Song

    යකඩ මන්නේ ගී පද / YAKADA MANNE Lyrics

     
    යකඩ මන්නෙත් දෙකඩ වෙනවා
    රේල් පාරේ උඩ..
    පොඩි සොකඩ කෑලි අපි දැකලා loose motion බඩ
     
    Bars එද්දී ආශ්වාසේ ප්‍රාශ්වාසේ වැඩ..
    රැප් වල base එක්ක case නෑ මට කිරි කෝඩු නඩ..//
     
     
    මලකඩ අස්සේ තමයි
    කලාකෘති බැස්සේ
     
    අපි දිස්නේ දෙද්දී රස්නේ හින්දා
    ගොඩාක් උන්ට උෂ්ණේ
     
    කර්මය එලවද්දී පස්සේ
    ධර්මය ලඟ දණ ගැස්සේ
     
    බොලා ඉද්දී තණ බිස්සේ
    ධර්මය ලඟ දණ ගැස්සේ
     
    බොලා ඉද්දී තණ බිස්සේ
    ෆිලා බෝඩරේට බැස්සේ
     
     
    කොකා ගස්සලා අපි ගන්නේ
    මොකා වුණත් මට සොරී
     
    යකා ඉස්සිලා බලනවා
    අපේ පැත්ත හැරී හැරී
     
    බොසා වැලී එක්ක Mix කරලා
    ගහගන්නෙපා පොරී
     
    උස්සා ගත්තොත් සුදු කොඩී
    Vomit වේවි බීපු කිරී
     
    ඇහිලා සාදුකාරේ බල්බ්වල
    කණ ගානවා කීන්
     
     
    උඹලා දන්නේ නෑ බං තො⁣රණේ
    පිටිපස්⁣සේ තියෙන සීන්
     
    Run the game still the same
    කන්න ඕනේද පාරක් කේන්
     
    වැළපිලා ෆිලා ලඟට
    පන්නන් එන්න එපා චේන්
     
    හිතුවක් කාරයි ගැහුවොත්
    සඳ බොඳ වෙලා අන්ධකාරයි
     
    මෙතුවක් කාලේට කොරවෙලා
    නෑ කාටත් එක පාරයි
     
    දුක මාරයි සුකුමාලයි මොන
    දෙයියත් මට බාරයි
     
     
    හකු පන්න ගන්නේ නැතුව
    හිටියොත්නම් මනහාරයි..
     
    මං පහදා දෙන්නෑ වදන් වලින්
    ඒකයි මගේ තාලේ
     
    සිල් පෝදා විතරයි ඊට පස්සේ
    අජාසත්ත සාලේ
     
    පිල් විහිදා හිටියට ඇඩ් එක දෙන්නෑ
    පෙන්නලා මගේ මාලේ
     
    අපි බැහැලා හිටියේ හුඩ් එකේ
    මල්ලිලා කිරි බොන කාලේ..
     
     
    යකඩ මන්නෙත් දෙකඩ වෙනවා
    රේල් පාරේ උඩ..
     
    පොඩි සොකඩ කෑලි අපි දැකලා loose motion බඩ
     
    Bars එද්දී ආශ්වාසේ ප්‍රාශ්වාසේ වැඩ..
    රැප් වල base එක්ක case නෑ මට කිරි කෝඩු නඩ..//
     
    අක්කපාන කොල කවලා
    දක්කන හරක් ගෙරී
     
    පාරේ ඉක්කා ගානවා අපි
    දැක්කම Fill T අයියේ Sorry
     
     
    අපි යුද්දවලට එන්ටර් වෙන්නෑ
    වද්ද ගත්තොත් හොදී
     
    ඔය සද්දේ දාපු අයියලා ගොඩක්
    කැරකොප්පුවේ නිදී
     
    බණ අහනවා බුදු පිළිමේ දැක්කත්
    මම දණ ගහනවා
     
    පාපය මිනි පෙට්ටියේ පියන
    වහලා මම ඇණ ගහනවා
     
    ආජා ආජා මේරා දෝස්ත්
    සෝදා කිරෙන් පා දෝනවා
     
    රාජා වුණත් බෝඩරේ පැන්නොත්
    පූජා වට්ටිය අත ගහනවා
     
     
    නාස් ලණුව නහයෙන් ගලවලා
    දාගනින් බං කටේ
     
    උඹ පාස් කරලා මාස් කන්නෙට
    දක්කන්නං මං වටේ
     
    අදහස් මේවා දාස් පෙතියා
    මල් වාගේ වැටේ
     
    මේ Barsවලට වැටේ ඔළුවෙත්
    සමනල ගැටේ
     
    අපි Degree ගැහුවේ සමාජයෙන්
    Agree මොන එකත්
     
    ඔය සිද්දී බිද්දී අවසානෙට
    කියලා දුන්නා දුකත්
     
    තරු පැද්දී පැද්දී ලඟ ඉද්දි
    මොකටද බං තව නැකත්
     
     
    මල්ලී යද්දී Fill T තියලා යාවී
    දවසක අණසකත්
     
    රූපං ජීරතී නාමං ගොත්තං
    යන්නෑ කවදත් සිඳී
     
    අහපං මේවා පාපෙන් ගැලවිලා
    යන්නමනම් උඹ මිදී
     
    හැම කවියෙක් ගාවම අවියක්
    තියෙනවා invisible යන වැදී
     
    දෙවියෙක් වාගේ මිනිහෙක් වුණොතින්
    දෙවියොත් දවසක වඳී.
     
     
    යකඩ මන්නෙත් දෙකඩ වෙනවා
    රේල් පාරේ උඩ..
     
    පොඩි සොකඩ කෑලි අපි දැකලා loose motion බඩ
     
    Bars එද්දී ආශ්වාසේ ප්‍රාශ්වාසේ වැඩ..
    රැප් වල base එක්ක case නෑ මට කිරි කෝඩු නඩ..//

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS